කෝලි - රාහුල් පිටිය කළඹයි

නොවැ 02, 2022

    ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලිගේ විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් බංගලාදේශය සමග පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ තෙවන ජය ලබන්නට ඉන්දියාව සමත් වුනා.

    ඇඩිලේඩ් ඕවල් පිටියේ කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීම තෝරා ගත් බංගලාදේශයට ලකුණු 185 ඉලක්කයක් ලබා දෙන්නට ප්‍රභල ඉන්දියාව සමත් වුනා. ලෝකේෂ් රාහුල් ලකුණු 50ක් ලබා ගත්තේ පන්දු 32කින්. ඊ්ට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුලත්. විරාත් කෝලි නොදැවී ලකුණු 64යි.

    වර්ෂාව නිසා බංගලාදේශයට පන්දු වාර 16කදී හිමිවූ ඉලක්කය ලකුණු 151ක්. නමුත් කඩුලු 6ක් දැවී ඔවුනට ලබා ගත හැකි වූයේ ලකුණූ 145ක් පමණයි. සටන්කාමී වේගවත් ඉනිමක් දියත් කළ ලින්ටන් ඩාස් පන්දු 27 කදී ලකුණූ 60යි. ඒ අනුව ඩක්වස් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5ක ජයක් ලබා ගන්නට ඉන්දියාව සමත් වුනා. 

    මෙම ජයත් සමග ඉන්දියාව 2වන කාණ්ඩයේ ප්‍රථමයා වීමට ඉන්දියාවට හැකි වුනේ 0.730 ක දළ ලකුණු වේගයක් සමගින් තමන් මුහුණ දුන් තරග 4න් 3ක් ජය ගනිමින්.

     

    Last modified on බදාදා, 02 නොවැම්බර් 2022 19:18

    Latest News