ඔස්ට්‍රේලියාවට කඩුලු හතක ජයක්...

ඔක් 25, 2022

    ලෝක කුසළාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පර් ත්හි පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හතක ජයක් හිමිකර ගත්තා.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මාකස් ස්ටොනිස් පන්දු 18කදී නොදැවී ලකුණු 59ක් රැස් කළා. එයට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.

    කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිළට ආරාධනා කළා. ඒ අනුව, ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. පසුගිය තරග දෙකේදීම අර්ධ ශතක හිමිකරගත් කුසල් මෙන්ඩිස්ට අද සාර්ථකවීමට හැකිවූයේ නැහැ. ඔහු දැවී ගියේ ලකුණු 05ක් ලබා සිටියදී. අනතුරුව, ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුවා. ධනංජය ලකුණු 26යි. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 75ක් ලෙසයි. ලකුණු 40 ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක දුවද්දී දැවී ගියා.

    අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ වනිදු හසරංගට ලකුණු අතරට පැමිණීමට හැකිවූයේ නැහැ. චරිත් අසලංක නොදැවී ලකුණු 38 ක් රැස් කළේ, පන්දු 25 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත්. චාමික කරුණාරත්න පන්දු 7 කදී නොදැවී ලකුණු 14 ක් ලබා ගත්තා.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 20:18

    Latest News