නැම්බියාවට පෙරලිකාර ජයක්

ඔක් 16, 2022

    ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී.

    කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 35 කට. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 28කදී ලකුණු 44 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත්. ජේ ජේ ස්මිත් නොදැවී ලකුණු 3යි. ස්ටෙෆන් බාඩ් ලකුණු 26 ක් රැස් කළා.

    පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 38කට කඩුලු දෙකයි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 12ක් වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 6 කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු නවයයි.

    ධනුෂ්ක ගුණතිලක ලකුණු රැස් කළේ නැහැ. ධනංජය ද සිල්වා සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 12 ක් ලබා සිටියදී.

    භානුක රාජපක්ෂ ලකුණු විස්සයි. වනිදු හසරංග ලකුණු 4 කට දැවී ගියා. නායක දසුන් ශානක ලකුණු 29ක් රැස් කලේ පන්දු 23 කට මුහුණ දෙමින්. ඔහු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියායි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කලේ ලකුණු 108 පමණයි.

    ඒ අනුව නැම්බියාව තරගය ජය ගත්තේ 55 ලකුණු කින්. ශ්‍රී ලංකාව නැමීබියාව හමුවේ පරාජයට පත්වූ පත් වූ පළමු අවස්ථාව මෙයයි. පළමු වටයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරග තරග දෙකකට තරග දෙකකට සහභාගි වීමට නියමිතයි.

    ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ලබන විසිවැනිදා තරග වදින්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 13:09

    Latest News