පකිස්තාන, එංගලන්ත ප්‍රථම 20-20 තරගයෙන් එංගලන්තයට ජය...

සැප් 21, 2022

    පකිස්තානය සහ එංගලන්තය අතර පැවති 20 යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, පකිස්තානයේ කරච්චිහිදී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 කට ලකුණු 158 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභියා මො‍හමඩ් රිස්වාන්. ඔහු  ලකුණු 68 යි. පන්දු යැවීමේ දී ලූක් වුඩ් කඩුලු 3 ක් දවා ගත්තා . ලකුණු 159 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේ දී ජය ලබා ගත්තා.  ඇලෙක්ස් හේලි ලකුණු 53 යි. පන්දු යැවීමේ දී උස්මන් කාදිර් කඩුලු 2 ක් දවා ගත්තා. ඒ අනුව, තරග 7 කින් සමන්විත එංගලන්ත  - පකිස්තාන් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වුණා.

    Latest News