ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාවට කඩුලු 4 ක විශිෂ්ට ජයක්... The Indian Express

ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාවට කඩුලු 4 ක විශිෂ්ට ජයක්...

සැප් 21, 2022

    තරග 3 කින් සමන්විත ඉන්දියා - ඔස්ට්‍රේලියා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් කඩුලු 4 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (20) සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ - මොහාලි හිදී.  තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 කට ලකුණු 208 ක් රැස් කළා. කේ. එල්. රාහුල් පන්දු 35 ක දී ලකුණු 50 ක් රැස් කළා. සූර්යකුමාර් යාදෙව් ලකුණු 46 යි. ප්‍රවේගකාරී  පිතිහරඹයක නිතර වූ හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 71 ක් රැස් කළේ පන්දු 30 කදී. ඊට 6 පහර 5 ක් සහ 4  පහර 7 ක් ඇතුළත්. පන්දු යැවීමේ දී  නේතන් ඇලිස් කඩුලු 3 ක් දවා ගත්තා.

    ලකුණු 209 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ නායක ඇරොන් ෆින්ච්. කැමරන් ග්‍රීන් පන්දු 30 ක් තුළ ලකුණු 61 ක් රැස් කළා.  ඊට 6 පහර 4 ක් සහ 4 පහර 8 ක් ඇතුළත්. ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ මැතිව් වේඩ් නොදැවි ලකුණු 45 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රාහණය කරා රැගෙන ගියා. 

    ඒ අනුව, තරග 3 කින් සමන්විත ඔස්ට්‍රේලියා ඉන්දියා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

    Latest News