ටොම් මූඩි සමග පැවති කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවයි...

සැප් 20, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි සමග පැවති කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

    ක්‍රිකට් විධායක කමිටුව එම තීරණයට එළඹ ඇත්තේ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි. 2021 වසරේ මාර්තු පළමු වැනිදා සිට “ටොම් මූඩි”  ක්‍රිකට් අධ්‍යක්‍ෂ ලෙස පත් කෙ‍රුණේ තාක්‍ෂණික උපදේශන කමිටුවේ නිර්දේශ මතයි. ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය වෙනුවෙන් ස්තූතිය පළ කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

    Latest News