ශ්‍රී ලංකා - ද.අප්‍රිකා ලෙජන්ඩ්ස් තෙවැනි තරගය අද

සැප් 18, 2022

    Road Safety World Series Legends” ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අද පැවැත්වෙයි. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිවයි. 

    ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මීට පෙර සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළා. පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 38ක ජයක් වාර් තා කළ අතර දෙවැනි තරගයේදී එංගලන්තය පරාජය කළේ, කඩුලු 7කින්. 

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර, ඔස්ට්‍රේලියා සහ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගය ද අද පැවැත්වෙයි. 

    Latest News