“ලෙජන්ඩ්ස්” ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය හෙට (17)...

සැප් 17, 2022

    “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ලෙජන්ඩ්ස්” ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය හෙට (17) පැවැත්වෙනවා.

    ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිවයි.   ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මීට පෙර සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළා. පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 38ක ජයක් වාර්තා කළ අතර දෙවැනි තරගයේදී එංගලන්තය පරාජය කළේ, කඩුලු 7කින්. හෙට තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් තරගය පැවැත්වෙන ඉන්දෝර් හිදී අද පුහුණුවීම් සිදුකළා. ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනීය සතුයි.

    Latest News