ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

අගෝ 06, 2022
    2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි පෝරුතොටගේ සමත්ව තිබේ. 

    18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ අතින් මෙහිදී පරාජයට පත්වුයේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවයි.

    පොදුරදමඩුලු ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු මල්ලවපොර පදක්කමද මෙය වෙයි.

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වනවිට හිමි කර ගෙන ඇති පදක්කම් ගණන 04ක්. ඊට එක් රිදී පදක්කමක් සහ ලෝකඩ  පදක්කම් 03ක් ඇතුලත්.

    image c7ea12774d

    Last modified on සෙනසුරාදා, 06 අගෝස්තු 2022 10:01

    Latest News