කාන්තා දුර පැනීමේ අවසන් තරගයට සාරංගි සිල්වා...

අගෝ 05, 2022

    ‍2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උ‍ළලේ කාන්තා දුර පැනීමේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා අද සමත් වුණා.

    ඇය, මූලික වටයේදීම මීටර් 6යි දශම 4යි 2ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුණා. අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මීටර් 6යි දශම 7යි 5ක දක්ෂතාවක් දැක්විය යුතු වනවා. එහෙත් එම දක්ෂතාවය දැක්වීමට හැකිවුණේ, ක්‍රීඩිකාවන් පස්දෙනෙකුට පමණයි. අවසන් තරගය සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් විය යුතු වනවා.
    ඒ අනුව, මූලික වටයේ දොළොස්දෙනා අතරට තේරී පත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකා සාරංගි සිල්වා අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

    Latest News