ශ්‍රී ලංකා-පකිස්තාන කාන්තා 20-20 ක්‍රිකට් තරගය

මැයි 24, 2022

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට පකිස්තාන කාන්තා කණ්ඩායම සමත්වුණා.

    තරගය පැවැත්වුණේ, කරච්චිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8ක් දැවී ලකුණු 106ක් රැස් කළා. හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 25 බැගින් ලබාගත්තා. පන්දු යැවීමේදී ටූබා හසන් ලකුණු 8කට කඩුලු 3ක් දවාගත්තා. අනාම් අමීන් ද කඩුලු 3ක් බිඳ හෙලූ අතර එයිමන් අන්වර් කඩුලු 2ක් ලබාගත්තා.

    පිළිතුරු ලෙස පකිස්තාන කාන්තා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 18යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 4ක් දැවී තිබියදී. නීඩා ඩාර් නොදැවී ලකුණු 36යි. ඕෂචී රණසිංහ කඩුලු 2ක් දවාගත්තා.

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 19:58

    Latest News