IPL; කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයට...

මැයි 22, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස්, රාජස්තාන් රෝයල්ස්, ලක්නම් සුපර් ජයන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් සමත්වුණා.

    තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
    තරගාවලියේ 69 වන තරගය ලෙස දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළා. රෝමන් පවෙල් ලකුණු 43ක් රැස් කළ අතර රිශාග් පාන්ට් ලකුණු 39යි. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 03ක් දවාගත් අතර, රමන්දීප් සිංග් කඩුලු 02යි. පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 19යි පන්දුවක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 160ක් රැස් කරමින්. ඉෂාන්-ක්‍රිශාන් ලකුණු 48ක් ලබාගත් අතර, ටිම් ඩේවිඩ් ලකුණු 34යි. පන්දු යැවීමේදී ඇන්රිච් නොට්පේ සහ ශාදූල් තාකූර් කඩුලු 02 බැගින් දවාගත්තා.

    Latest News