IPL; රාජස්ථාන් රෝයල්ස් අවසන් වටයට...

මැයි 21, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයස්ල් කණ්ඩායම සමත් වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායිහි දී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06කට ලකුණු 150ක් රැස් කළා. දක්ෂ පිතිහරඹයක නිරතවූ මොයින් අලී ලකුණු 93යි. නායක් එම් එස් දෝනි ලකුණු 26යි. පන්දු යැවීමේ දී යස්වේන්ද්‍ර චහල් සහ ඔබෙඩ් මැකෝයි කඩලු 2බැගින් දවා ගත්තා.

    ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, කඩලුු 5ක් අතැතිව ජය හිමිකර ගත්තා. යසස්වි ජයෂ්වාල් ලකුණු 59යි. රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 40යි. පන්දු යැවීමේදී ප්‍රශාන්ට් සොලන්කි කඩුඩු 2ක් දවාගත්තා. ඒ අනුව, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.

    Latest News