ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය....

මැයි 18, 2022

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

    සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, දිනය නිමාවන විට කඩුලු 02ක් දැවී ලකුණු 39ක් ලබා සිටියා. තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 397ක්. බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 465ක්. ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ලබාගැනීමට සමත්වුණා.

    බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම් ශතක ලබාගත්තා. පන්දු යැවීමෙන් කසුන් රජිත කඩලු 04ක් බිඳහෙලුවා. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 02ක් බිඳහෙලීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. හෙට තරගයේ අවසන් දිනයයි.

    Latest News