IPL ; පංජාබ් කිංග්ස් කණ්ඩායමට ජය....

මැයි 14, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

    තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායිහිදී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 209ක් රැස් කළා. ලියම් ලිවිස්ටන් පන්දු 42කදී ලකුණු 70ක් රැස් කළා. ජොනී බෙයාස්ටෝ ලකුණු 66යි. පන්දු යැවීමේදී හර්ෂාල් පටේල් කඩුලු 4ක් දවාගත්තා. වනිදු හසරංග කඩුලු 2යි. ඒ අනුව වනිදු මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට ද සමත්වුණා.

    ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලබා ගත හැකිවූයේ, ලකුණු 155ක පමණයි. බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ග්ලේන් මැක්ස්වෙල්. ඔහු ලකුණු 35යි. කගිසෝ රබාඩි කඩුලු 3ක් දවාගත්තා. රිෂී ධවාන් සහ රාහුල් චහර් කඩුලු 2ක බැගින් බිඳ හෙලුවා.

    Latest News