ඇමති හරීන් නොදන්නා ප්‍රනාන්දුලා 3ක් (වීඩියෝ)

මාර් 07, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීම තම ඉලක්කය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

    ක්‍රීඩා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද(07) පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා
    "මේ එක්දින තරග 5 ලෝක කුසලානයට පෙර තිබෙන අවසන් තරග පහ වන අතර එය පෙරහුරුවක් ලෙස ගෙන හොඳම කණ්ඩයම තෝරාගත හැකි වෙනවා. කණ්ඩායමේ සුළු සුළු වෙනස්කම් කරමින් නිවැරදිම කණ්ඩායම කුමක්ද කියා අපි මේ තරග 5න් ආශ්‍රයෙන් සොයා ගත හැකි වනවා. ඒවගේම ජය-පරාජයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට සහය දීම අවශ්‍යම කාරණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම ලෝක කුසලානයේදී අවසන් 4 දෙනා අතර පැමිණීම අපේ ඉලක්කය වන අතර එය අපට කළ හැකි බව අපේ විශ්වාසයයි" යැයි වැඩිදුරත් අදහස් දැක්වීය.

    Latest News