ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලානයේ පෙරමුණට

ජන 18, 2022

    19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් විය. තරගය ඊයේ පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී.

    තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පිඩනයත් සමග ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයින් ලකුණු 175කට සීමා විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා කෙම්ප්බල් කෙල්වේ.

    ඔහු ලකුණු 54යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 5ක් දවා ගත්තේය.

    ට්‍රවින් මැතිව්ස් සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගත්තේය. ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පන්දු වාර 37ක් අවසානයේ කඩුලු 4ක් අතැතිව ජය ලබා ගත්තේය. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 52ක් රැස් කළේය.

    අංජල බණ්ඩාර ලකුණු 33යි. පන්දු යැවීමේ දී ටොම් වයිට්න් සහ ජොශුවා ගර්නර් කඩුලු 2 බැගින් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක දුනින් වෙල්ලාලගේට හිමි විය. ඒ අනූව 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඩී කාණ්ඩයේ පෙරමුණේ ශ්‍රී ලංකාව තවදුරටත් පසුවෙයි.

    Latest News