ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද

ජන 16, 2022

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගය අද පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ වෙයි.

    දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 57ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 44ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරඟ 11ක් පමණයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේ,අද පැවැත්වෙන තරඟයේදී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදාගැනීමට අපේක්ෂා කරන බවයි.

    Last modified on ඉරිදා, 16 ජනවාරි 2022 10:04

    Latest News