තරග තීරකවරයා සහ විනිසුරු මඩුල්ල නම්කෙරේ...

ජන 12, 2022

    ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා සහ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා.

    තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ලේ මහතායි. කුමාර ධර්මසේන, රුචිර පල්ලියගුරු, රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රඹුක්වැල්ල සහ ලින්ඩන් හැනිබල් විනිසුරු මඩුල්ල ලෙස නම් කර තිබෙනවා .

    තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනවා. තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා.

    Latest News