"අලුබඳුන" පළමු ජය ඔස්ට්‍රෙිලියාවට...

දෙසැ 11, 2021

    එංගලන්ත - ඔස්ට්‍රෙිලියා "අලුබඳුන" ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම සමත්වුණා.

    තරගය අද නිමාවුයේ, බ්‍රිස්බේන් හිදී. එංගලන්ත කණ්ඩායම, තරගයේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 147 ක් රැස් කළා. ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු සඛ්‍යාව 425 ක්. ට්‍රැවිස් හෙඩ් ලකුණුු 152 ක් රැස් කළ අතර, ඩෙිව්ඩ් වෝනර් ලකුණු 94 යි.

    අනතුරුව එංගලන්ත පිල සිය දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 297 ක් රැස් කළා. ජෝ රූට් ලකුණු 89 යි. ඩෙිවිඩ් මලාන් ලකුණු 82 යි. පන්දු යැවීමේදී නේතන් ලියෝන් කඩුලු 4 ක් බිඳහෙලුවා. ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමට තරගය ජය ගැනීමට ලබාගත යුතුව තිබුණේ, ලකුණු 20 ක් පමණි. එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට එම පිතිකරුවන් සමත්වුණා.

    Latest News