දකුණු අප්‍රිකානු ඓතිහාසික ටෙස්ට් ජය පිටුපස ඕෂද සහ කුසල් Getty Images

දකුණු අප්‍රිකානු ඓතිහාසික ටෙස්ට් ජය පිටුපස ඕෂද සහ කුසල්

පෙබ 23, 2019

    ශ්‍රි ලංකාව අද දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගනිමින් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ ප්‍රථම ආසියානු රට බවට පත් වුණා.

    ඒ තරග දෙකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙනි.

    දෙවන තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කය පිරිනැමිණ. ශ්‍රී ලංකා දෙවන ඉනිම නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න විසින් ආරම්භ කළේය. ලහිරු තිරිමාන්න ලකුණු 10කට ප්‍රථම කඩුල්ල ලෙස දැවි ගියේ මුළු ලකුණු 32 ක්ව තිබිය දීය. ඉන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න ලකුණු 19 ක් ලබා සිටියදී දැවි ගියේය.

    ප්‍රථම කඩුලු දෙක දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හා ඕෂද ප්‍රනාන්දු 3වන කඩුල්ල සඳහා ලකුණු 159ක විශිෂ්ට සබඳතාවක් පවත්වා ගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා ගෙන යනු ලැබිණි. එහිදි කුසල් සහ ඕෂද දකුණු අප්‍රිකානු පන්දු යවන්නට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් අගනා පිතිහරඹයක නිරත වුහ. සිය දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු අද දිනයේ විශ්වසනීය ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 75 ක් රැස් කිරිමට සමත්විය. ඊට හයේ පහර 02 ක් සහ හතරේ පහර 10 ක් ඇතුලත් වුයේය. තරග කිහිපයකට පසු ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84 රැස් කළේය. 

    මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තිරණය කළ අතර ඔවුන් ලකුණු 222 කට සීමා කිරිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත්වුහ. ශ්‍රී ලංකා ඊට පිළිතුරු වශයෙන් ප්‍රථම ඉනිමේ ලැබු ලකුණු සංඛ්‍යාව 154ක්. දකුණු අප්‍රිකා දෙවන ඉනිම ලකුණු 128 සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුහ. එහිදි සුරංග ලක්මාල් ලකුණු 39 කට කඩුලු 04 ක් සහ ධනංජය සිල්වා ලකුණු 36 කට කඩුලු 03 ක් දවා ගත්තේය.

    ඊට පිළිතුරු ලෙස ශ්‍රි ලංකාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 197 ලබා ගත්තේය.

    දෙවන ටෙස්ට් තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට පිරිනැමිණ. පළමු තරගයේ දී ලකුණු 153ක විශිෂ්ට ඉනිමක් සමගින් තරග ජයග්‍රහණය කරවීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය. ඒ අනුව දකුණු අප්‍රිකා-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කෙරිණි.

    testmatch2 px 900 19 02 23

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 17:30

    Latest News