සිව්වැනි වරටත් චෙන්නායි සුපර් කිංග්ස් IPL ශූරතාවය දිනාගනියි...

ඔක් 16, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

     

    ඒ අවසන් තරගයේදී කොල්කටා නයිට්රයිඩරස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 192 ක් රැස් කළා.

    වැඩිම ලකුණු ලාභියා වූ ෆාෆ් ඩු ප්ලේසිස් ලකුණු 89 ක් ලබාගත්තා. පන්දු 59 කදි ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. පිලිතුරු ලෙස කොල්කටා නයිට්රයිඩස් ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් පමණි.

    චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගයෙන් ජයගත්තේ ලකුණු 27 කින්. ඔවුන් ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ සිව් වැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2010, 2011, සහ 2018 වසරවලදී ද ඔවුන් මෙම ශූරතාව දිනා තිබුණා.

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 08:59

    Latest News