20 -20 දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජයගනී (වීඩියෝ)

ඔක් 14, 2021
  • ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පුහුණු තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

    ඒ පැපුවා - නිව්ගිනියා කණ්ඩායම ලකුණු 39 කින් පරාජය කරමින්. ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. අද පැවති පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.

    ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ, පැතුම් නිස්සංකයි. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 76 ක්. පන්දු 58 කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 37 කදී ලකුනු 61 ක් රැස් කළා. ඒ 4 පහර 2 ක් සහ 6 පහර 4 ක් සමගින්. පිලිතුරු ලෙස, පැපුවා - නිව්ගිනියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 123 ක් පමණි. පන්දු යැවීමේදී චනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. 

    Last modified on බ්‍රහස්පතින්දා, 14 ඔක්තෝබර් 2021 20:50

    Latest News