කොල්කටා නයිට්රයිඩර්ස්, දෙවැනි අවසන් පූර්ව තරගයට

ඔක් 12, 2021

    ඉන්දීය ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ, ඊයේ පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරමින්. තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 138ක් රැස් කළා. නායක විචාත් කෝලි ලකුණු 39යි. පන්දු යැවීමේදී සුනිල් නරීන් ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 6කට ලකුණු 139ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

    ශුබිමන් ගිල් ලකුණු 29යි. දෙවැනි අවසන් තරගය හෙට පැවැත්වෙන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි. ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දැනටමත් අවසන් තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

    Latest News