IPL; චෙන්නායි සුපර්කිංස් අවසන් තරගයට...

ඔක් 11, 2021

    ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට චෙන්නායි සුපර්කිංස් කණ්ඩායම සමත් වුණා.

    ඒ, ඊයේ පැවති පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.

    චෙන්නායි සුපර්කිංස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19 පන්දු 4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් රැස් කරමින්. තරගයෙන් චෙන්නායි සුපර්කිංස් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 4 කින්.

    Latest News