පාපන්දු; ශ්‍රී ලංකාව පරදවා මාලදිවයින ජයගනී...

ඔක් 11, 2021

    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මාලදිවයිනට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.  

    තරගාවලිය පැවැත්වෙන්නේ, මාලදිවයිනේ මාලේ නගරයේදී.  දකුණු ආසියානු පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය මෙයයි. තරගය නැරඹීම සඳහා මාලදිවයින් ප්‍රේක්ෂකයින් 8,000 ක් පමණ පැමිණ සිටියා.

    තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදී මාලදිවයින වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ, අලි අෂ්ෆාක් ක්‍රීඩකයායි. තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 1 ට 0 ක් ලෙස මාලදිවයින පෙරමුණ ගනිමින්. නියමිත කාලය අවසන් වන විටද ශ්‍රී ලංකාවට ගෝලයක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ.

    ඒ අනුව, ගෝල 1 ට 0 ක් ලෙස මාලදිවයින තරගය ජය ගත්තා. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තරග 4 කට සහභාගී වූ අතර, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින හමුවේ පරාජයට පත් වුණා. ඉන්දියාවට එරෙහි තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

    Last modified on සදුදා, 11 ඔක්තෝබර් 2021 17:49

    Latest News