ඕමාන-ශ්‍රී ලංකා T20; ශ්‍රී ලංකාවට 2-0ක ජයක්...

ඔක් 10, 2021

    ඕමානයට එරෙහිව පැවති 20 - 20 ක්‍රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

    ඒ ඊයේ පැවති තරගය කඩුලු 5 කින් ජයගැනීමත් සමග. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වූයේ, එළඹෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසයි.  තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා.

    ඒ අනුව ඕමානය පන්දුවාර 20 ඇතුලතදී කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 159 ක්. ඉණිමේ වැඩිම ලකුණු ලාභිය වූ අකීබ් ඉල්ලියාස් පන්දු 38 කදී ලකුණු 59 ක් රැස්කළා. පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවාගත්තා. තරගය ජයගැනීමට ලකුණු 160 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවීගියේ ලකුණු 89 කට.

    අනතුරුව භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ශ්‍රී ලංකාව පන්දුවාර 17 යි, පන්දු 3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබාගත්තා. භානුක රාජපක්ෂ පන්දු 21 කදී ලකුණු 35 ක් සහ චාමික කරුණාරත්න පන්දු 26 කදී ලකුණු 35 ක් රැස්කළා.

    Last modified on ඉරිදා, 10 ඔක්තෝබර් 2021 12:29

    Latest News