රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

ඔක් 03, 2021

    චෙන්නායි සුපර්කිං ග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

    පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 4ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 101ක් රැස් කළේය. ලකුණු 190ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවී ජය ගැනීමට සමත්විය.

    ප්‍රසාද ලකුණු 18ක් සමගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත්විය. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවන ස්ථානයටත්, රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තෙවන ස්ථානයත් සහ කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම සිව්වන ස්ථානයට පත්ව තිබේ.

    Latest News