20-20 ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සැප් 12, 2021

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (12) නිල සංචිතය ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනය විසින් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 19ක් ඇතුළත්. කණ්ඩායමේ නායකයා දසුන් ශානක. උප නායකත්වය ධනංජය ද සිල්වාට හිමියි. කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්‍ෂණ, දිනේෂ් චන්දිමාල්, ප්‍රවීන් ජයවික්‍රම, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප් සහ පුලින තරංග මුල් ක්‍රීඩකයින් 15 දෙනාට ඇතුලත්.

    Wanedu px 900 12 09 21

    අකිල ධනංය, ලහිරු කුමාර, ලහිරු මධුශංක සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලබාගැනීමට නම්, ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කළ යුතුයි.

    Kamedu px 900 12 09 21

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔක්තෝබර් මස 18 වැනිදා නැමීබියාව සමඟ තරග වදින අතර, ඔක්තෝබර් මස 20 වැනිදා අයර්ලන්තය සමඟ තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග තරග වදින්නේ ඔක්තෝබර් මස 22 වැනි දිනයි.

    20-20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග ඔක්තෝබර් මස 23 වැනි දින ආරම්භ වන අතර, තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිතයි.

    Madushanka px 900 12 09 21

     

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 15:15

    Latest News