ශ්‍රී ලංකා පිලට හෙට (12) තරගය තීරණාත්මකයි....

සැප් 11, 2021

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 03 කින් සමන්විත 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය හෙට (12) ප.ව. 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

    මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම තරඟ 1 - 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.  ඊයේ පැවති තරඟයෙන් දකුණු අප්‍රිකානු පිලට ලකුණු 28 ක ජයග්‍රහණයක් හිමිවූ අතර, පිත්තෙන් වැඩිම දස්කම් දැක්වූ එයිඩින් මැක්‍රම් පන්දු 33 කට මුහුණ දෙමින් ලකුණු 48 ක් රැස්කළේය. ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුළු 05 ක් දැවී ලකුණු 163 ක්.

    පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 23 ට කඩුළු 02 ක් දවාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164 ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලු 06 ක් දැවී ලකුණු 135 ක් පමණි. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66 ක් රැස්කළා. තරගයේ වීරයා එයිඩින් මැක්‍රම්. දෙවන තරඟය හෙට පැවැත්වේ.

    Latest News