නිමාලි ලියනාරච්චි අද ඔලිම්පික් තරග බිමට

ජූලි 30, 2021

    මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසියා.

    ඇය සහභාගී වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 7 යි 19 ට පැවැත් වුනා. ඇය සහභාගී වූයේ මීටර් 800 තරග ඉසව්වේ මූලික තරගවලටයි. කාන්තා මීටර් 800, 4වන මූලික තරගය ඇය නිම කළේ විනාඩි 2 තත්පර 10.23කින්. ඒ අනුව ඇයට හිම වූ ස්ථාන 8 වන ස්ථානයයි.

    කාන්තා මීටර්800 ඉසව්වක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සහභාගී වන්නේ 1992න් පසුවයි. 1992 දී ශ්‍රියානි ධම්මිකා මැනිකේ ක්‍රීඩිකාව මේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

    ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබෙනවා. ඒ, රන් පදක්කම් 15 ක්ද සමගයි. ජපානය දෙවන ස්ථානයේත්, අමෙරිකාව තුන්වන ස්ථානයේත් පසුවනවා.

    Latest News