ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු තැනට ජපානය

ජූලි 28, 2021

    රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ යළි පෙරමුණට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබේ.

    ඒ රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින්. මේවන විට ජපානය දිනා ඇති සමස්ථ පදක්කම් ගණන 18 ක්.

    රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 08ක් දිනා ගනිමින් අමෙරිකාව දෙවන ස්ථානයේ රුදී සිටින්නේ සමස්ථ පදක්කම් 25ක් හිමිකර ගනිමින්. කෙසේ වෙතත්, මෙතෙක් හිමි කරගෙන ඇති සමස්ථ පදක්කම් ප්‍රමාණය අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ අමෙරිකාවයි.

    චීනය රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 07ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැදී සිටියි. චීනය දිනා ඇති සමස්ථ පදක්කම් ගණන 21ක් වන අතර සමස්ථ පදක්කම් ගණන අනුව චීනය පසුවන්නේ දෙවන ස්ථානයේයි.

    tokyo 2

     

    Latest News