ශ්‍රී ලංකා-ඉන්දියා 20-20 තරගය හෙට (28) දක්වා කල් දමයි

ජූලි 27, 2021

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ 20-20 දෙවැනි ක්‍රිකට් තරගය හෙට (28) දක්වා කල් දමා තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. අද උදේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයකදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘෘනල් පාන්ඩ්‍යා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණින.

    ඔහු සමඟ සමීපව ඇසුරු කළ තවත් 8ක් හඳුනා ගෙන ඇති අතර, ඔවුන් සඳහා ද PCR පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි. තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    Latest News