ප්‍රථම 20-20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 38ක ජයක්

ජූලි 26, 2021

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රථම 20-20 තරගයෙන් ලකුණු 38ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

    තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක ට ලබන ලකුණු 164 කළා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර යාදෙව් ලකුණු 50යි. නායක ශිඛර් ධවාන් ලකුණු 46යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු 2 බැගින් ලබාගත්තා.

    ලකුණු 165ක් ජයග්‍රහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි. චරිත් අසලංක ලකුණු 44යි. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුළු 4ක් දවාගත්තා.

    ඒ අනුව තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා විස්සයි20 තරගාවලිය එකට බිඳුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත් අතර දෙවෙනි විස්සයි විස්ස තරඟයේ හෙට පැවැත්වීමට නියමිතයි.

    Latest News