icc

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ට

ජූනි 11, 2021

    එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරයක් සඳහා ජුලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබේ.


    එම කණ්ඩායමේ උප නායකයා ලෙස බුවනේශ්වර් කුමාර් පත්කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

    එංගලන්ත සංචාරයක යෙදී සිටින ඉන්දීය ක්‍රිකට් නිත්‍ය නායක විරාත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා නොමැතිවීම හේතුවෙන් ශිකර් ධවාන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සංචිතයේ නායකත්වය දරනු ඇත.

    කණ්ඩායම් අනෙක් ක්‍රීඩකයින් වන්නේ ප්‍රිත්වි ෂෝ, දෙව්දත් පඩික්කාල්, රුට්රාජ් ගයික්වාඩ්,
    සූර්යකුමාර් යදාව්, මනීෂ් පාන්ඩේ, හර්ඩ්ක් පාන්ඩ්යා, නිතිශ් රානා, ඉෂාන් කිෂාන්, සංජු සැම්සන්, යුවේන්ද්‍ර චහාල්, රාහුල් චහාර්, කේ ගෞතම්, කෘර්නාල් පාන්ඩ්යා, කුල්ඩිප් යදාව්,
    වරුන් චක්‍රවර්ති, දීපාක් චහාර්, නෞඩීප් සයිනි, චේතන් සකාරියා වේ.

    ඒ අනුව ජූලි මාසයේදී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරග 03 ක්, විස්සයි 20 තරග 03 ක් සඳහා ශිකර් ධවාන් ඉන්දියාව මෙහෙයවනු ඇත. පළමු එක්දින තරඟය ජූලි 13 වනදා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    Latest News