ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව යයි

ජූනි 09, 2021

    එක්දින තරග තුනක්, 20-20 තරග තුනක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තය බලා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

    කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, කුසල් මෙන්ඩිස් උප නායකයායි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින සහ 20-20 තරගාවලිය මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 2ක් සඳහා ද එක්වේ. එම තරග සංචිතයේ ක්‍රීඩකයින් අතරම පැවැත්වේ. ධනංජය ලක්‍ෂාන්, චරිත් අසලංක සහ ඉෂාන් ජයරත්න යන ක්‍රීඩකයින්ගේ මංගල එක්දින සහ 20-20 තරගාවලිය ද මෙයවේ.

    Latest News