ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යයි

ජූනි 08, 2021

    එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට.

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් අනුමත කරනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රකාශයට පත්කරනු ලැබීය. කණ්ඩායමට ක්‍රීඩකයින් 24ක් ඇතුළත්. ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියට 20-20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුලත්.

    පළමු 20-20 තරගය ලබන 23 පැවැත්වෙන්නේ කාඩ්ෆ්හිදී. තරගාවලිය අවසන් වන්නේ ජුලි මස 4 වැනිදා පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයෙන්. ශ්‍රී ලංකා-එංගලන්ත තරගාවලියේ සියලු තරග රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News