2020 ඔලිම්පික් යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද ටෝකියෝ වෙත

ජූනි 01, 2021

    ජපානයේ, ටෝකියෝ අගනුවර, පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු සැහැල්ලු පන්දු කණ්ඩායම අද ටෝකියෝ අගනුවර‍ට පැමිණියේය.

    මධ්‍යම ජපානයේ ස්ථාපනය කර ඇති පුහුණු කඳවුර තුළ මාස 2ක කාලයක් ඔවුන් පුහුණුවීම්වල නිරත වීමට අපේක්‍ෂිතයි. කොවිඩ් වසංගතයේ සිව්වැනි රැල්ලට මුහුණ දෙමින් සිටින ජපානයේ ප්‍රාන්ත 10ක් සඳහා හදිසි තත්වයක් ද මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙතෙක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී ඇත්තේ ජපාන ජනගහනයෙන් 3%ක පමණ පිරිසකට පමණි. ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ජපාන ක්‍රීඩා කණ්ඩායම් මේ සතිය තුළ එන්නත්කරණයට යොමු කිරීමට නියමිත බව වාර්තාවේ.

    Latest News