මහේෂ් ජයකොඩි පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට

මැයි 08, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය සඳහා මහේෂ් ජයකොඩි සුදුසුකම් ලබා තිබේ.

    ජාතික පැරාලිම්පික් කමිටුව මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. 6 වැනි පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතයි.

    මහේෂ් ජයකොඩිගේ ඉසව්ව වන්නේ, ඔරු පැදීමේ තරගයයි. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ආසියා සහ ඕෂිනියා කලාපයේ ඔරු පැදිමේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරගාවලිය ටෝකියෝ නුවරදී පැවැත්විණ.

    ඊයේ පැවති පී.ආර්.අයි. පිරිමි කේවල ඔරු පැදීමේ තරගයෙන් මහේෂ් ජයකොඩි පළමු ස්ථානය දිනා ගත්තේය. ඔහු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙන්නේ ඒ අනුවයි.

    Latest News