බංග්ලාදේශය දෙවැනි ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 177ක් ලබා සිටී

මැයි 02, 2021

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට බංග්ලාදේශය තම දෙවැනි ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 177ක් ලබා සිටී.

    ඒ අනුව තරගය ජයගැනිම සඳහා බංග්ලාදේශයට තවත් ලකුණු 260ක් රැස්කරගත යුතුයි. තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 17ක් ලබා සිටියේය.

    අද පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 12ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස්. නායක දිමුත් කරුණාරත්න ලකුණු 66ක් ලබාගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 41ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදී තම ඉනිම අත්හිටුවනු ලැබීය.

    තරගය ජය ගැනීම සඳහා ලකුණු 437ක ඉලක්කයක් සමඟ බංග්ලාදේශ ඉනිම ආරම්භ කලේ තමීම් ඉක්බාල් සහ සයිෆ් හසන්. තමීම් ඉක්බාල් ලකුණු 24කටත්, හසන් ලකුණු 34කටත් දැවී ගියේය. මුෂ්ෆිකර් රහීම් ලකුණු 40යි.

    පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් දවා ගත්තේය. යොවුන් ක්‍රීඩක ප්‍රවීන් මේ වනවිට තරගයේදී කඩුලු 08ක් දවාගෙන තිබේ. ඒ අනුව ඔහු තම පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් තෙවැනි ක්‍රීඩකයා ලෙසටයි වාර්තා වන්නේ.

    තරගයේ අවසන් දිනය හෙටයි.

    Latest News