'ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස්' සහ 'ටීම් ශ්‍රී ලංකා' කණ්ඩායම් තරගය කල් යයි

මැයි 02, 2021

    'ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස් සහ 'ටීම් ශ්‍රී ලංකා' කණ්ඩායම් අතර ලබන 04 වැනිදා පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    Latest News