ග්‍රේට්ස් ඉලෙවන්ස් සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර 20-20 තරගයට ලබන 4 පල්ලේකැලේදී

මැයි 01, 2021

    ශ්‍රී ලංකා ග්‍රේට්ස් ඉලෙවන්ස් සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර 20-20 තරගයට සහභාගි වන ක්‍රීඩකයින් අද නිවේදනය කෙරුණා.

    ශ්‍රී ලංකා ග්‍රේට්ස් ඉලෙවන්ස් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසුරිය විසින්. ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ. කොවිඩ් 19 අරමුදලට ආධාර පිණිස සංවිධාන කෙරෙන මේ තරගය ලබන 4 වැනිදා පැවැත්වෙන්නේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. රාත්‍රී 7.00ට ආරම්භ කෙරෙන තරගය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    සනත් ජයසුරිය මෙහෙයවන ශ්‍රී ලංකා ග්‍රේට්ස් ඉලෙවන්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් වන්නේ අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, ෆර්විස් මහරුෆ්, උපුල් චන්දන, උපුල් තරංග, නුවන් කුලසේකර, තිලිණ තුෂාර, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, මිලින්ද වර්ණපුර, ඉන්දික ද සේරම්, ජෙහාන් මුබාරක් සහ සමන් ජයන්ත.

    ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණුවන සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සමන්විතයි.

    Latest News