IPL දෙවන තරගයේ ජය දිල්ලි කැපිටල්ස්ට

අප්‍රේ 11, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හිමිකර ගත්තේය.

    ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 188ක් රැස් කළේය. සුරේෂ් රයිනා ලකුණු 54යි. මොයින් අලී ලකුණු 36ක් රැස් කළේය. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ අවේෂ් ඛාන්, කඩුලු දෙක බැගින් බිඳ හෙළිය.

    පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 18යි, පන්දු 4කදී තරගයේ ජය වාර්තා කළේ, කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස් කරමින්. වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් දවාන්, පන්දු 54කදී ලකුණු 85ක් රැස් කළේය. ප්‍රිත්වි ෂෝ ලකුණු 72යි.

    Latest News