IPL පළමු තරගයේ ජය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට

අප්‍රේ 10, 2021

    ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගැනීමට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

    ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, චෙන්නායිහිදී. කාසියේ වාසිය හිමිකර ගත් රෝයල් චැලෙන්ජරේස් බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට‍ පහරදීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබා දුන්නේය.

    ඒ අනුව ඔවුන් පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. ක්‍රිස් ලයන්ස් ලකුණු 49යි. පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුලු 5ක් බිඳ හෙලුවේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, කඩුලු 8ක් දැවී තරගයේ අවසන් පන්දුවේදී ජය හිමිකර ගැනිමට සමත්විය.

    ඒ.බී. ඩිවිලියස් ලකුණු 48යි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 2කින්.

    Latest News