දිල්ෂි කුමාරසිංහගෙන් මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන්, නව ශ්‍රී ලංකා වාර්තාවක්

අප්‍රේ 09, 2021

    මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකා නව වාර්තාවක් පිහිටුවීමට දිල්ෂි කුමාරසිංහ අද සමත් වූවාය.

    ඒ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේදී දිල්ෂි කුමාරසිංහ මීටර 800 ධාවන ඉසව්ව නිම කළේ, මිනිත්තු 2යි තත්පර 2 දශම පනස් දෙකක කාලයක් වාර්තා කරමින්.

    මීට පෙර එහි ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියුවේ ගයන්තිකා අබේරත්න. ඇය 2017 වසරේදී මිනිත්තු 2 තත්පර දෙකයි දශම පහයි-පහක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව නිම කර තිබිණ.

    නව වාර්තාව පිහිටවූ දිල්ෂි කුමාරසිංහ 2018 දී දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රිදි පදක්කම සහ 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ද හිමි කරගෙන තිබේ.

    Latest News