ටයිකොන්ඩෝ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් කොළඹ දී....

මාර් 27, 2021

    13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙරටට ගෞරව ලබාදුන් ටයිකොන්ඩෝ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ඊයේ කොළඹදී පැවැත්විණ.

    ඒ අමාත්‍ය, නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර දුන් මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරුනු පළමු අවස්ථාව මෙයයි. 2019 වසරේ පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙරටට වැඩිම පදක්කම් හිමිවූ ක්‍රීඩා අතරින් තෙවැනි ස්ථානයට පත් වූයේ, ටයිකොන්ඩෝ ක්‍රීඩාවයි.

    එහිදී, රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමඟ දිනා ගනු ලැබූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 27ක්. කොවිඩ් වසංගතය හේතුවෙන් ඉකුත් වසරේදී එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් සංවිධාන කිරීමට හැකිවූයේ නැහැ.

    රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, මෙරට කොරියානු තානාපති වූජින් ජිඔන් යන මහත්වරු සහ නිලධාරින් ඇතුළු පිරිස් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News