පළමු ටෙස්ට් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වේ

මාර් 26, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

    තරගය පැවැත්වුණේ ඇන්ටිගුවාහිදී. අවසන් දින තරගය ආරම්භ කරන විට කොදෙව් කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියේය. ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා හිමිව තිබූ ඉලක්කය ලකුණු 375ක්. ඊයේ තරගය අවසන් වනවිට කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා සිටියේය.

    ඒ අනුව තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. කෘමර් බෝනර් ලකුණු 113ක් රැස් කළ අතර, කයිල් මේයස් ලකුණු 52යි. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 163ක් රැස් කළ අතර, කොදෙව් පළමු ඉනිම ලකුණු 271යි. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 476ක් රැස් කළේය. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතයි.

    Latest News