ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනා අදට වසර 25ක්

මාර් 17, 2021

    ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 25 ක් එනම් ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය අද සමරනු ලබනවා.

    පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව කඩුළු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අර්ජුන රණතුංග විසින් දැරූ අතර තරඟයේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් ලකුණු 107ක් හා පන්දු යැවීමේදී කඩුළු 03ක් බිඳහෙළු අරවින්ද ද සිල්වා යි.

    සනත් ජයසූරිය තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වුණා.

    මේ අතර 96 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයක් සඳහායි.

    වසර 25 ක් සපිරෙන 96 ක්‍රිකට් විජයග්‍රහණයට උර දුන් ක්‍රීඩකයින් සඳහා මෙහිදී තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරෙන අතර එම සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි නියමිතයි. 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වසර 25 ක් පුරා නොලැබුනු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ තිබෙන සමරු පදක්කම් අද දිනයේදී එම ක්‍රිකට් විරුවන් වෙත ප්‍රදානය කිරීමට ද නියමිතයි.

    Last modified on බදාදා, 17 මාර්තු 2021 08:42

    Latest News