කොදෙව්වන්ට පූර්ණ එක්දින තරගාවලියක ජයක්

මාර් 15, 2021

    ශ්‍රී ලංකාවට එරෙහි 03 වැනි එක්දින තරගයත් කඩුලු 05කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

    ඒ අනූව තරග තුනේම ජය හිමිකර ගනිමින් පූර්ණ එක්දින තරගාවලියක ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 276ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

    Latest News