දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 43ක ජයක්.

මාර් 06, 2021

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43කින් ජය ගැනීමටථ ශ්‍රී ලංකාව අද සමත්විය.

    ඒ අනුව පැවති තරග දෙකෙන් එක බැගින් ජය ගනිමින් දෙපිළම සම තත්වයේ පසුවේ. තරගය පැවැත්වුණේ ඇන්ටිගුවාහිදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක. ඔවුන් දෙනානා අතර ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 95ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් ලබාගත් අතර, පැතුම් නිශ්ශංක ලකුණු 37ක් ලබාගැනිමට සමත්විය.

    පන්දු යැවීමේ දී ඩිවේන් බ්‍රාවෝ ලකුණු 25කට කඩුලු 2ක් බිඳ හෙලීය. ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 160ක්. ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18යි, පන්දු පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 117ක් පමණි. 

    පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ ලක්‍ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් සහ දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිඳ හෙලීම‍ට සමත්වූහ. තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමිවිය.

    20-20 තෙවැනි තරගය ලබන 8 වැනිදා ඇනිටුගාවිහිදී පැවැත්වීමට නියමිතයි. එය රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News